Saturday, 2 April 2016

රජ්ජුමාලා





රජ්ජුමාලා


දහස් ගණන් දාස් පෙතිය
මල් ඇහිඳින සොඳුරු ලියේ
නුඹේ ගෙලට නොවේ ලොව
මල් මාලා ගෙතූ ලියේ

ජිවිතයට වර්ණ නැතත්
වර්ණ සමඟ බදන පොරේ
ජිවිතයට සුවඳ නැතත්
සුවඳ එකතු කරන ලියේ

ඇහිඳ ඇහිඳ සිහළ වදන්
හද ගැබ පිරි මදින නගේ
ජිවිතයම දුකක් වුනත්
සිනා බෙදන බොළඳ ලියේ

මල් දන් දී බැතිමතුනට   
දාන පාරමී පිරුවේ  
උන්ගේ තණ්හා ගිනි දැක
සීල භාවනා වැඩුවේ 

ගොහොරු මඩේ පිපී නෙළුමේ
නුඹමය පින්පෙත් වැඩුයේ
හැමට කලින් කෙලෙස් නසන  
නුඹයි රජ්ජුමාලාවෝ 

දොන් සුසිල් ප්‍රේම්.-

No comments:

Post a Comment