Showing posts with label Sinhala Poetry. Show all posts
Showing posts with label Sinhala Poetry. Show all posts

Sunday, 14 November 2021

සරා රැඟුම්

 



සරත් හිරු දඟකාර - ලිලෝපිත ගිනිජාල
ලෙළෙන ගින්දරය පත් - සසල කරවයි සුළඟ
දෝංකාරය සුසර
දඟකාර හැඩකාර - එලමි මේපල් ලියෝ
උනති නෙක පාට සළු - රිදී පැහැ තුනුමඬල
සැඳෑ හිරුකිරණ යට

- Don Susil Premaratne, Poetry & Photography
Ottawa ON, Canada


Saturday, 6 November 2021

- හඬන ඉපනැලි -

 

" හඬන ඉපනැලි " නම් සඳැස් කවි පෙළ මුලින්ම ලිව්වේ "මව්බිම" පුවත්පතට. එය 2018 ඔක්තෝබර් 11 වන දින එහි පළවුණා. ඉන්පසු පේරාදෙණිය සරසවියේ (Alumni Association of the University of Peradeniya - Ottawa Chapter) "හන්තාන පවුර" සඟරාවේ 2019 දෙසැම්බර් කලාපයේ පළවුණා. මේ නිර්මාණ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. රස විඳින්න.




Don Susil Premaratne
Ottawa ON, Canada

Thursday, 28 October 2021

නොතිර සයුර


වඩවා ලොබ රූ සපුවෙහි - ඇඳුම් ආයිත්තම් වත්සුණු
සලායතන රස මසවුළු - සීල දහම බිඳ විඳි සැප
නොදිටිමි කය කයම ලෙසට - නොදිටිමි තෘෂ්ණා දොම්නස්
වේදනාවෙ වේදනාව - නොදිටිමි කය දිරනා තුරු
කෙලෙස් තවන නුවණ හිඟව
ඉදිරි ගමන පසු ගමනද - ඉදිරි දැක්ම අවට බැල්ම
අරමුණු ලුහුබැන්දා මිස - නුවණින් නොදුටුවෙමි සත්ය
දහම දහම ලෙස නොදිටිමි - ගිලන්ව කය දිරනා තුරු
දරදඬු අත්පා දනවන - වේදනාව තුරන් කරන
කෙලෙස් තවන විරිය නැතිය
වේදනාව අඳුර නසන - කරුණා ගඟ දෝරෙ ගලන
බෝසත් සත්කාරක අත් - ඉඳහිට හෝ නැතිය ළඟක
මුහුණ උඩින් එබී බලන - අතීතයේ වියැළි මතක
වේදනාව රළ නංවා - මියෙනා බව පසක් කරන
දෙලොව අඳුරු බව දනවන

- Don Susil Premaratne
Ottawa ON, Canada









Wednesday, 20 October 2021

නිර්වර්ණ ස්වප්න

 

හුදෙකලා නිම්නයක
පාට තුරුහිස් දිලෙන
තුංග තුඟු කඳු මතින්
ඉගිළ යයි අනන්තෙට
හන්තාන අඩවියට

රොබරෝසියා පිපුණු
ඒ සිනා මල් මතක
පැහැදුල්ය නුවන් සර
මන්ද ස්මිත රශ්මි
නිර්වර්ණ ස්වප්නෙක

අනුරාගි ආදරය
ගෙතුණු කවියකි මිහිරි
ශෝක රස ධ්වනිතව

සුගන්ධිත මෘදු මලකි
පරවෙන්නටම පිපුණු
ඒ සුසුම් මල් පතිත
රිදී දිය මහවැලිය
තාම ගලනවා ඇති


- Poetry & Photograph
  by Don Susil Premaratne
  Ottawa ON, Canada 



Wednesday, 13 October 2021

- මතක වලාකුළු -

 

වැලි කෙළියෙ පටන් අපෙ
කෙළි මඬල කෙළි ලොල්ය
සිත ඉගිළෙ අතීතෙට
ඇහැළ මල් රොන් විසුළ
කැකුළු කෝමල සිනා
කෙළි කවටකම් දිගේ
පංසලේ පෝදාට
නැඟුණු හේවිසියෙ හඬ
පහන් වැට එළි විසුළ
රිදී දිය කඩිති පැන
දැදුරු ඔය සුදු වැල්ල
රිදී දිය ගං දියේ
පුංචි ගම්පියස වෙත
සිත ඉගිළෙ අතීතෙට
වලාකුළකට නැඟී
- Photograph & Poetry by Don Susil Premaratne
Ottawa ON, Canada.



Friday, 8 October 2021

ඉපල් රුක්

 

පිපී දළු මල් පිපෙන
ඵල දරන වසන්තය
සරත් කල පැමිණේවි
සසර දුක කොළ හලන
සසර බර මඟ තබන
අනන්තර සමනන්තර
කෙලෙස් සිත් රළ නඟන
විහඟුන්ව සැරි සරන
භව අඹර නභෝතල
වසන්තයෙ යළි ඉපිද
දළු දමා මල් පිපී
බොහෝ රුක් සිනාසෙති
එහෙත් අතරින් පතර
රුක් ඇතිය ඉපල් වී
යළිත් ඉපදීම නැති
- Don Susil Premaratne
Ottawa ON, Canada




Sunday, 5 September 2021

- අළු ගෝමරී -


එදා ජන සමාජයේ ගැමියෝ අද මෙන් උගත්තු නොවූහ. එහෙත් ඔවුහු බොහෝ ඇසූ පිරූ ඇත්තෝ වූහ. අනේකවිධ දුෂ්කරතා හා දුක් ගැහැට හමුවේ වුව කම්පා නොවූ ගැමියෝ එම සංවේදනාවෝ තනිවම විඳ දරාගත්හ. "අළු ගෝමරී" නම් මේ නිර්මාණය ඈත වන්නියේ සිය ජීවිකාව උදෙසා කර්කශ මහ පොළොව හා ගැටෙන අහිංසක ගොවියෙකුගේ දිවි පෙවෙතේ එක් දිනෙක එක් සිදුවීමකි.

"අළු ගෝමරී" නම් නිර්මාණය මා ලියූවේ මීට වසර ගණනාවකට පෙරදීය. එය 2016 වසරේ අගෝස්තු මස 30 වැනි දින "මව් බිම" පුවත්පතේද, එම වසරේම සැප්තැම්බර් මස 18 වෙනි දින "ඉරුදින" පුවත්පතේද පළවිය. ඉන්පසුව කැනඩාවේ ඔටාවා නුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ සංසදය විසින් පළ කරණු ලබන "හන්තාන පවුර" සඟරාවේ 2019 ජූලි කලාපයේ එය පළවිය. ඊට සුදුසු පසුබිම් සිතුවමක් ඇඳ දුන්නේ අප පේරාදෙණිය සරසවියේම පශු වෛද්‍ය පිඨයේ ශිල්ප කළ නිරෝෂන් තන්ත්‍රිගේ සොයුරා විසිණි. ඔහු අද කැනඩාවේ විද්‍යාඥයෙකි. පර්යේෂකයෙකි. නිර්මාණය රසවිඳ කරුණාකර ඔබේ අදහස් දක්වන්න.

-දොන් සුසිල් ප්‍රේමරත්න



Sunday, 29 August 2021

ගුරු තරුව

 

තරු දිලිසුණේ සඳ නැති බොල් අහස යට
අපි හිනැහුණේ ඔබගේ හිරු මඬල යට
ඔබ නැති ලොවේ වැටුණා තරු කඳුළු කැට
නුඹ පහනක්ය හැමදා කැණිමඬල යට
ඉපැදුණි තඹර මානිල් මඩ ගොහොරු යට
මල් පිබිදුණේ ඔබගේ විදු කිරණ යට
ඔබ ලස්සනයි පොඩි මල් මල් සාරියට
පායන් ගුරු තරුව හෙටවත් පාසැලට
- Don Susil Premaratne, Ottawa - Canada.




Wednesday, 14 July 2021

ගිම්හානයේ තවත් දවසක්


ගිම්හානේ කවුළු පියන් ඇරන්
ඉඩවර මැද දිනිඳු ඔටුණු දරන්
වියළි සුළඟ බොළඳ හුරුව අරන්
දේවදාර වෙලී නටයි පෙමින්
සැන්දෑ හිරු එබී බලයි හොරෙන්
නුබ ගත රැඳි වළා සළුව ඉරන්
විහඟ ගීත ඇසෙයි දිනක් අගින්
නොහොඳ නෝක්කාඩු ගීත සරින්
පාට බොඳව අඳුර සෙමර සළයි
ගෙවී දිනක් ලෝකය නිසසලයි

- Poetry & Photography: By Don Susil Premaratne



Wednesday, 16 June 2021

impermanence

 - අවසන් නැවතුම -

මල් පිපුණු දිගන්තේ විහඟ රෑනකි එදා
පියෑඹූ දසන්තේ අහස්කුස සිසාරා
සුන්දරම වසන්තේ අපේ ඒ කතාවේ
දිගු ගමනෙ ජීවිතේ ගිම්හානෙ අවසන්ය
නැණ නුවණ ගුණ සුවඳ පිරුණු හදවත් සපිරි
මිතුරනේ ඔබ කොහිද?
බව දුකට දිවි බරට උර දුන්නු සෙනෙහසක
යදම් සිඳ බිඳ වැටී ඔබද අද නික්ම යන
මුහුකුරා උඩු දුවන හිස් බවේ හිස්කමට
හිස් බවම ඉතිරි කොට ඔබද අද දුරක යන
ඔබත් නැති මේ ලොවෙහි හිස් බවකි දැනෙන්නේ
හිස් බවකි දැනෙන්නේ
- Don Susil Premaratne
- Ottawa, Canada


Sunday, 6 June 2021

- සයන්ස්කාරයන්ගේ හා ඉංජිනේරුවන්ගේ ප්‍රේමය -

 - විද්‍යා -

2016 වසරේදී දිවයින පුවත්පතට කළ මේ නිර්මාණය, 2016 දෙසැම්බර් 22 වෙනිදා එහි පළ වුණා. ඊට පසුව Alumni Association of the University of Peradeniya -Ottawa Chapter මගින් පළ කරන "හන්තාන පවුර" සඟරාවේ 2020 ජූලි කලාපයේද පළ වුණා. කියවා රස විඳින්න. ඔබේ අදහස් හැකිනම් ලියන්න.










Wednesday, 2 June 2021

හන්තාන ප්‍රේමය

 සරසවියේ සිංහයාට

සරසවියේ සිංහයාට නිර්මාණය කරද්දී කැම්පස් භාෂාවේ වචන සාමාන්‍ය රසිකයාටද වැටහෙනසේ යොදා ගත්තෙමි. රස විඳින්න. ඔබේ අදහස් දක්වන්න.



Friday, 7 May 2021

යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුව

වෙසක් සුළඟ

කැනඩාවේ මුද්‍රණය වන යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුවට 2019 වෙසක් උත්සවය වෙනුවන් කළ නිර්මාණයකි.

එහි සංස්කාරක Priyantha Kulasekera සොයුරාට හා කාර්ය මණ්ඩලයට ස්තූතියි. රසික සිත් මෙත් සිසිලෙන් සුපසන් වේවා!




Friday, 9 June 2017

The Poson Festival


The full-moon day in June, cities and villages of Sri Lanka get lit up with brightly colored lanterns and pandals to commemorate the Poson Festival, the arrival of Buddhism in the island 2300 years ago. Arahat Mahinda, son of Emperor Asoka of India, brought the message to King Devanampiyatissa of Sri Lanka in the 3rd century BC.
These flowers remind me the colors of lanterns we lit up in our childhood.


මිහින්තලා තුරු අරණේ මල් පිපුනී
ද්වේශ මෝහ රාග අඳුරු සිත් නිවුනී
සපිරි කලා පුර සඳ අහසේ දිලුනී
පහන් සිතක මෙත් සුව තරු කැට මැවුනී
 


මේ මල් දුටු විට මට මතක් වුනේ අපි වෙසක් හා පොසොන් පෝයට ඉටිපන්දම් වලින් පත්තු කරපු බකට් ලාම්පු හා වෙසක් කූඩු. රෑට පන්සල් ගිහින් එනකොට සමහර බකට් ලාම්පු ඒ ඉටිපන්දමටම පිච්චිලා. සුළඟ හා එක් වෙලා. හාමුදුරුවෝ පන්සලේදී බණට කිව්ව සියලු දේ අනිත්‍යය යන්න අපිට සිහිපත් කරමින්ම. මැයි මාසේ පිපුණු මේ මල් අද එතැන නෑ.

Photographs and Lyrics by Don Susil Prem.-

Saturday, 1 April 2017

Bicycle බයිසිකලේ



The creation Bicycle බයිසිකලේ

Friendships which started even from childhood need very much effort to maintain and flourish. We generally expect them to remain in our lives forever.

School and University life was a challenge and enlightening experience for me. It facilitated my personal growth and development and provided me with lifelong attributes. A rainbow of cultures….. The blossoming of friendships…… the beginning of new life… everlasting memories…ultimately, the best days of my life …. ; Still it flows ….

Our friends help us to develop self-esteem, self-awareness, and self respect. They also help us become socialized into new roles throughout adulthood. In adulthood a person's life satisfaction is strongly related to the quantity and quality of contrasts with friends. People tend to have more friends and acquaintances during young adulthood than at any later period. As they grow older, and particularly if they marry and have children, their network of friends shrinks significantly. Although their numbers decline further in later life, friendships are still very important.

A number of consistent themes underlie adult friendships. Canadian and US researchers, now at San Francisco State university, have summarized these into broad categories. Those dimensions are found in friendships among adult in all ages. Already I wrote few more poems in additions to this creation on this concept. In future you may read more articles and poems under this broad and interesting subject. Please keep in touch.

Please read the poem " Bicycle බයිසිකලේ " and write your feelings.

Bicycle බයිසිකලේ is the edited version of "Youn Wiye Paara Dige - යොයුන් වියේ පාර දිගේ" published in "Mawbima" newspaper - Sri Lanka and FB.

Enjoy life.

Don Susil Prem.-
Ottawa ON, Canada

Thursday, 12 January 2017

රිඩෝ නදී ගලා බසී Rideau River

රිඩෝ නදී ගලා බසී Rideau River

බැරි හන්දා බිම හලනා
අවසන් රන් මේපල් පත්
සනසා තුරුළේ සඟවා
හෙමින් සැරේ ගලා බසී

මහ සීතල එන්න කලින්
කිති කවනා හිම කැට සිඹ
හනි හනිකට ගෙට වෙන්නට
ගලා බසී රිඩෝ නදී

ගං දෑලේ තුරු හෙවනේ
පෙම් බස් උණුසුම සොයනා
පොත් පැන්සල් දෙකට බෙදන්
අකුරු හොයන සරසවියේ

ටියුෂන් කාසිය හොයන්න
නගරේ උණු කෝපි හදා
රෑ තිස් පැය නිදි වරනා
ඇනා ජූලියන් සනසා

වසන්ත පෙම් මල් පූදා
ගිම්හානේ සිහිල බෙදා
සරත් මහේ කඳුළු අරන්
හෙමින් ගලයි රිඩෝ නදී

අතීතයේ එක කාලෙක
කඳුල සතුට බෙදා ගත්තු
ඇල්ගන්කන් සොඳුර සොයා
රෑට රෑට ඉකි බිඳිනා

කවදා උන් ඒද කියා
හේමන්තේ මඟ නැවතී
සුදට සුදේ සේල ඇඳන්
සුසුම් හෙලයි රිඩෝ නදී


By Don Susil Prem.-
Ottawa ON, Canada

Note: Algonquian peoples: Native American tribes who speak the Algonquian languages and lived in Quebec and Ontario Canada.







Monday, 26 December 2016

Puppet පඹයා - The poem published on Sunday Rivira Newspaper on 15-05-2016

Puppet පඹයා

The poem published in Sunday Rivira Newspaper on 15-05-2016



Puppet, a movable model of a person usually with a strove body and hollow head, is an entertaining or fearful character. Sometimes an outside force or influence controlled its actions.

Enjoy the poem

Don Susil Prem.-
Ottawa ON, Canada

Saturday, 2 April 2016

මල්වර වේලාපත්කඩය



පුරපස හඳ එළියෙ මල්වර මඟුල දිනේ  
ළඟ ආ අව පසේ දිනයක දීග ගියේ    
සිකුරා හතට වැඩි මල්වර පත්කඩයේ
අරුමය නිසාමද නංගියෙ තන්ගමනී  

හිරිමල් වියේදී නුඹ ගැබ්බර වෙච්චී
කෙළිලොල් වියේදී දරු දුක බෝ වෙච්චී
ඒ හැම මැදින් පෑ මදහස රන් වෙච්චී  
උඹටත් මටත් පායන හිරු එක වෙච්චී

උන් උස මහත් වී ලෝකය දකින දිනේ
තල් ගස් නැමී ගතු කේලම් කියන දිනේ
ඒ කටු ඇණී හද පත්ලම රිදෙන දිනේ
එදත් අද වගේ උන් හිනැහෙයිද ...... නඟේ