පුරපස හඳ එළියෙ මල්වර මඟුල දිනේ  
ළඟ ආ අව පසේ දිනයක දීග ගියේ
   
සිකුරා හතට වැඩි මල්වර
පත්කඩයේ
අරුමය නිසාමද නංගියෙ
තන්ගමනී  
හිරිමල් වියේදී නුඹ ගැබ්බර
වෙච්චී 
කෙළිලොල් වියේදී දරු දුක
බෝ වෙච්චී 
ඒ හැම මැදින් පෑ මදහස රන්
වෙච්චී  
උඹටත් මටත් පායන හිරු එක
වෙච්චී 
උන් උස මහත් වී ලෝකය
දකින දිනේ
තල් ගස් නැමී ගතු කේලම්
කියන දිනේ 
ඒ කටු ඇණී හද පත්ලම
රිදෙන දිනේ 
එදත් අද වගේ උන්
හිනැහෙයිද ...... නඟේ
No comments:
Post a Comment