Friday, 23 June 2017

The South Wind & නොපිපි එරබදු


People leave their homeland and migrate to a developed country to have a better life, even if they know that they would be facing harder times. They take all the chances in the hopes of succeeding. This is mainly known as "economic migration". Political instability such as persecution, violations of human rights & Internal conflicts are other push factors of Migration. Education, socio-cultural factors, demographic factors, environmental and individual attitudes are also associated with migration.


Even though, immigrants gain more values from the newer culture, same time, they lose many of their native socio-cultural values. They have less chance to preserve their original culture, language, and traditions and transmit them to their kids. Most of the times, it may result to a conflict between the native and the newer culture.
Please read poems write your feelings.
Enjoy life and Please keep in touch.
Don Susil Prem.-
Ottawa ON, Canada


සිය ජීවිතවලට වඩා සුව පහසුව හා සුඛ විහරණය පතා බොහෝ සංක්‍රමිකයෝ සිය නිජබිම් අත්හැර දියුණු රට වලට සංක්‍රමණය වේ. අලුත් රටක, සංස්කෘතියක, පරිසරයක හෝ ජිවන රටාවකට හුරුවීමේදී නොයෙක් අපහසුතා වලට මුහුණ දීමට සිදුවෙතැයි දැන දැනම ඔවුන් එසේ සංක්‍රමණය වේ. මෙය "ආර්ථික සංක්‍රමණය" නමින් හැඳින්වේ.
ඔවුනට උපන් රටවලදී විඳීමට සිදුවූ අසාධාරණකම්, වධහිංසා, මානව හිමිකම් උල්ලංඝනය, යුධ හා අරගල, දේශපාලනමය අස්ථාවරත්වය යන දේශපාලනම හේතු ජනයා සංක්‍රමණය සඳහා පොළඹවන අනෙක් ප්‍රධානතම සාධකය වේ. අධ්‍යාපනය, සමාජ සංස්කෘතිකමය හේතු, ජන විකාස තදබදය, දේශගුණික හා පුද්ගල ආකල්පද සංක්‍රමණයට හේතු වන අනෙක් සාධක වේ.
නව දේශයකදී සංක්‍රමිකයනට බොහෝ දේ ලැබුණද, ඔවුනට අහිමිවන බොහෝ වටිනාකම්ද ඇත. මව්බස, ස්වදේශ්‍රීය දේශජ උරුමයන් හා අගයන් ඊළඟ පරපුරට දිය නොහැකිව ඒවා ඔවුන්ගෙන් ක්‍රමයෙන් වියැකී ගිලිහී යන්නට හැකි හැකියාව වැඩියි. බොහෝ විට නව පරපුර අලුත් රටේ සංකෘතිය ක්‍රමිකව වැළඳන්නට ඇති ඉඩකඩ වැඩිය. මුල් සංස්කෘතියත් රැක ගැනීමට අවැසි නම් සිය නිජබිම අදාළ ඥාතී මිතුරන් හා ශක්තිමත් බැඳීම් අවැසි වේ.

No comments:

Post a Comment