Wednesday, 16 June 2021

impermanence

 - අවසන් නැවතුම -

මල් පිපුණු දිගන්තේ විහඟ රෑනකි එදා
පියෑඹූ දසන්තේ අහස්කුස සිසාරා
සුන්දරම වසන්තේ අපේ ඒ කතාවේ
දිගු ගමනෙ ජීවිතේ ගිම්හානෙ අවසන්ය
නැණ නුවණ ගුණ සුවඳ පිරුණු හදවත් සපිරි
මිතුරනේ ඔබ කොහිද?
බව දුකට දිවි බරට උර දුන්නු සෙනෙහසක
යදම් සිඳ බිඳ වැටී ඔබද අද නික්ම යන
මුහුකුරා උඩු දුවන හිස් බවේ හිස්කමට
හිස් බවම ඉතිරි කොට ඔබද අද දුරක යන
ඔබත් නැති මේ ලොවෙහි හිස් බවකි දැනෙන්නේ
හිස් බවකි දැනෙන්නේ
- Don Susil Premaratne
- Ottawa, Canada


1 comment:

  1. හදවත පතුලටම දැනෙන හරිම සංවේදී නිර්මාණයක්. ඔබේ කවි තුළින් ජීවිතය යලි දකිමි.

    ReplyDelete