In this year for Canada, (the Northern Hemisphere) the autumnal equinox falls today, September 22, as the Sun crosses the celestial equator going south. According to the astronomical definition of the seasons, the autumnal equinox also marks the beginning of Autumn, which lasts until the Winter Solstice (December 21 in the Northern Hemisphere).
Autumn is the season of the year between summer and winter during which temperatures gradually decrease. It is often called "Fall Season" in Canada and the United States because leaves fall from the trees at that time. Autumn is usually defined in the Northern Hemisphere as the period between the autumnal equinox (day and night equal in length), September 22, and the winter solstice (year’s shortest day), December 21. The autumn temperature transition between summer heat and winter cold occurs in Canada as it closer to the North Pole.
These photographs captured on last Sunday when
the rising Sun dramatically silhouettes the sky and the river's freezing water vapours.
Enjoy Life!
අද සැප්තැම්බර් 22 දින සිට කැනඩාව වගේම ලෝකයේ උතුරු අර්ධද්වීපයේ රටවල්වලට සරත් සමය (Autumn) ඇරඹෙනව. Autumnal Equinox (සරත් විෂුවය) කියන්නේ උතුරේ සිට දකුණු දෙසට ගමන් කරන හිරු හරියටම සමකයට උඩින් පිහිටන දිනයට. එදින දිවා කාලයේ හෝරා ගණනත් රාත්‍රී කාලයේ හෝරා ගණනත් සමානයි. අද සැප්තැම්බර් 22 දින සිට දෙසැම්බර් 21 දක්වා කාලය අපිට සරත් සමය (Autumn Season). අද දිවා කාලය හා රාත්‍රී කාලය සමාන වුණත් දවසින් දවස දිවා කාලය කෙටි වෙනවා. කැනඩාව හා ඇමරිකාව සරත් සමය (Autumn Season) හඳුන්වන්නේ "Fall Season" කියලා. ඒ ගස්වල කොළ වැටෙන කාලය හින්දා.
අපි පසු කළේ ගිම්හාන කාලය. (Summer Season). ගිම්හාන කාලයේ දිවා කාලය දිගුයි. උදාහරණයකට ජූනි මාසයේ දිවා කාලය පැය පහළොවක්. අපි වෙසෙන ඔටාවා නුවරට. කැනඩාවේ Inuvik වගේ සමහර නගරවලට ගිම්හාන කාලයේ රාත්‍රියක් ඇත්තෙම නෑ. ඉර අහස වටේ කැරකෙමින් තියෙනවා බැස යන්නේ නෑ. හැබැයි ශිත කාලයට ඕකේ අනික් පැත්ත. මාස දෙකක් ඉර පායන්නෙම නෑ. දවල්ට යාන්තම් එලිය වැටෙනවා විතරයි. ඉර දකිනට නෑ. අපි ඉන්න ඔටාවා නුවරට එහෙම ප්‍රශ්නයක් නෑ. ශිත කාලයටත් දීප්තිමත්ව ඉර පායනවා. හැබැයි රාත්‍රී කාලය පැය පහළොවක් විතර දිගයි.
මේ ඡායා රූපය ගත්තේ පසුගිය ඉරිදා. රාත්‍රී සීතලට ඝනීභවනය වන ගඟේ වාෂ්පීකරණය වන ජල වාෂ්ප පායන හිරුගේ රශ්මියෙන් කරන විචිත්‍ර චිත්‍රණය බලන්න.
ජීවිතය විඳින්න, ජය!
Don Susil Premaratne
Ottawa, Canada