එදා ජන සමාජයේ ගැමියෝ අද මෙන් උගත්තු නොවූහ. එහෙත් ඔවුහු බොහෝ ඇසූ පිරූ ඇත්තෝ වූහ. අනේකවිධ දුෂ්කරතා හා දුක් ගැහැට හමුවේ වුව කම්පා නොවූ ගැමියෝ එම සංවේදනාවෝ තනිවම විඳ දරාගත්හ. "අළු ගෝමරී" නම් මේ නිර්මාණය ඈත වන්නියේ සිය ජීවිකාව උදෙසා කර්කශ මහ පොළොව හා ගැටෙන අහිංසක ගොවියෙකුගේ දිවි පෙවෙතේ එක් දිනෙක එක් සිදුවීමකි.
"අළු ගෝමරී" නම් නිර්මාණය මා ලියූවේ මීට වසර ගණනාවකට පෙරදීය. එය 2016 වසරේ අගෝස්තු මස 30 වැනි දින "මව් බිම" පුවත්පතේද, එම වසරේම සැප්තැම්බර් මස 18 වෙනි දින "ඉරුදින" පුවත්පතේද පළවිය. ඉන්පසුව කැනඩාවේ ඔටාවා නුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ සංසදය විසින් පළ කරණු ලබන "හන්තාන පවුර" සඟරාවේ 2019 ජූලි කලාපයේ එය පළවිය. ඊට සුදුසු පසුබිම් සිතුවමක් ඇඳ දුන්නේ අප පේරාදෙණිය සරසවියේම පශු වෛද්‍ය පිඨයේ ශිල්ප කළ නිරෝෂන් තන්ත්‍රිගේ සොයුරා විසිණි. ඔහු අද කැනඩාවේ විද්‍යාඥයෙකි. පර්යේෂකයෙකි. නිර්මාණය රසවිඳ කරුණාකර ඔබේ අදහස් දක්වන්න.
-දොන් සුසිල් ප්‍රේමරත්න
No comments:
Post a Comment