Wednesday, 30 June 2021

A song of life

 

Grey Dream

 

A mourning dove sings

the true song of life

with the deep midnight rain

 

Sad wistful mystic tune

recalls your smile

the last smile

with shimmering tears

 

 - Don Susil Premaratne

   Ottawa, Canada.



Thursday, 24 June 2021

Memory Lane

Summer

On a fine day
she blissfully kissed me
her lips voluntarily touched mine
and her face faintly flushed with pink
dumb found and quietness distilled
behind the black board
chalks of success; recklessly broke it
I forgot to follow her

- Don Susil Premaratne



Sunday, 20 June 2021

2021 Summer Solstice

 Summer in Canada

-Don Susil Photography

In 2021, the Summer solstice occured on Sunday, June 20, marking the start of summer in the Northern Hemisphere. The Solstice is an astronomical event that happens twice, once in summer and once in winter, each year when the Sun reaches its highest position in the sky as seen from the North or South Pole. During Solstices the tilt of the axis of the Earth (with respect to the Sun) is the maximum at 23° 26'.

The summer solstice occurs during summer. This is the June solstice in the Northern Hemisphere and the December solstice in the Southern Hemisphere

The Summer Solstice occurred on 2oth June this year in Canada. It was the longest day of the year (15 hrs & 40 Mins Day Time).



Wednesday, 16 June 2021

impermanence

 - අවසන් නැවතුම -

මල් පිපුණු දිගන්තේ විහඟ රෑනකි එදා
පියෑඹූ දසන්තේ අහස්කුස සිසාරා
සුන්දරම වසන්තේ අපේ ඒ කතාවේ
දිගු ගමනෙ ජීවිතේ ගිම්හානෙ අවසන්ය
නැණ නුවණ ගුණ සුවඳ පිරුණු හදවත් සපිරි
මිතුරනේ ඔබ කොහිද?
බව දුකට දිවි බරට උර දුන්නු සෙනෙහසක
යදම් සිඳ බිඳ වැටී ඔබද අද නික්ම යන
මුහුකුරා උඩු දුවන හිස් බවේ හිස්කමට
හිස් බවම ඉතිරි කොට ඔබද අද දුරක යන
ඔබත් නැති මේ ලොවෙහි හිස් බවකි දැනෙන්නේ
හිස් බවකි දැනෙන්නේ
- Don Susil Premaratne
- Ottawa, Canada


Sunday, 6 June 2021

- සයන්ස්කාරයන්ගේ හා ඉංජිනේරුවන්ගේ ප්‍රේමය -

 - විද්‍යා -

2016 වසරේදී දිවයින පුවත්පතට කළ මේ නිර්මාණය, 2016 දෙසැම්බර් 22 වෙනිදා එහි පළ වුණා. ඊට පසුව Alumni Association of the University of Peradeniya -Ottawa Chapter මගින් පළ කරන "හන්තාන පවුර" සඟරාවේ 2020 ජූලි කලාපයේද පළ වුණා. කියවා රස විඳින්න. ඔබේ අදහස් හැකිනම් ලියන්න.










Wednesday, 2 June 2021

හන්තාන ප්‍රේමය

 සරසවියේ සිංහයාට

සරසවියේ සිංහයාට නිර්මාණය කරද්දී කැම්පස් භාෂාවේ වචන සාමාන්‍ය රසිකයාටද වැටහෙනසේ යොදා ගත්තෙමි. රස විඳින්න. ඔබේ අදහස් දක්වන්න.



Wednesday, 26 May 2021

Spring Flowers

Eternal Sunshine

Susil Don Photography & Creations

Printed on Linen Fabric Paper

Tuesday, 18 May 2021

Spring Shadows

Spring Shadows & Weeping Willows
I saw you;
when I passed the dream valley
nipping me in a dream
framed in the riparian
distilled rivulet.
The dream was tuneful, as a song
lovely rhythmic pattern
iambic pentameter
It had three quatrains
followed by a couplet.
Beautiful as blooming blossoms.
I forgot to exhale, for a while
weeping willows; started to cry
and peeped into the mirrored brook
tears start to fall
Our journey; centuries long journey
nipping me in a dream
framed in the riparian
the hanging picture
divided by a elm trunk
in the calm cool meadow
-by Don Susil Premaratne

Ottawa, ON, Canada 



Friday, 7 May 2021

යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුව

වෙසක් සුළඟ

කැනඩාවේ මුද්‍රණය වන යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුවට 2019 වෙසක් උත්සවය වෙනුවන් කළ නිර්මාණයකි.

එහි සංස්කාරක Priyantha Kulasekera සොයුරාට හා කාර්ය මණ්ඩලයට ස්තූතියි. රසික සිත් මෙත් සිසිලෙන් සුපසන් වේවා!




Friday, 26 February 2021

Summer & Winter

Dow's Lake, Ottawa, Canada

Winter is here, in the northern hemisphere, the leaves are gone and the trees are naked, the grass is hidden beneath the snow, and the ducks in the lakes are ice skating instead of swimming. Landscapes are recognizable even though they look incredibly different when compared with the pictures of the opposite season.

Pictures: Dow's Lake, Ottawa, Canada,
by Don Susil Premaratne. Enjoy!




Thursday, 25 February 2021

Ottawa Sky in Winter

 Yesterday (24-02-2021) Evening 8.20 PM through the Bedroom Window - Enjoy!



Saturday, 20 February 2021

Captured the scenery through the Living Room Window today (Saturday 20-02-2021) morning. Enjoy the color changing with the early morning Sunshine.

Ottawa ON, Canada. Temperature minus -18 Celsius.





Tuesday, 16 February 2021

 Captured while driving to work today (16-02-2021) morning
























Sunday, 17 January 2021

The sound of snowfall

Unclad maples
adorn white veils
sing the winter song.
Resonance;
the sound of snowfall.
Unhappy pine tree
cries.
to wear the snowy dress.

- by Don Susil Premaratne
Pictures - Yesterday's Ottawa Sky.





Saturday, 2 January 2021

The World beyond the window

Bright day & nice comfortable temperature (-7 Celsius).



Friday, 6 November 2020

 මයුරපාද මැදි විදුහලින් පෑයූ රන් තාරුකා

නව පරපුරේ ප්‍රවීණ සංගීතඥ, විශාරද Darshana Wickramatunga යන්ගේ අපූරු ස්වර රචනයෙන් වර්ණිත ගීත යුගලයක් පසුගිය දා YouTube චැනලය වෙත මුදා හැර තිබිණි. නිර්මාණ යුගලයේම සංගීතය බොහෝ ගායක ගායිකාවන්ගේ ජනප්‍රිය ගීත සඳහා ගී තනු නිර්මාණය කොට ඇති Darshana Wickramatunga සොයුරාගේ වීමත්, ගීත ගායනයේ යෙදෙන යෞවණියන් දෙදෙනා අතරත් බොහෝ සමානකම් සම්බන්ධකම් තිබෙන නිසාත්, එකී මිහිරි ගීත යුගලය ගැන මට දැනෙන හැඟෙන දේ පොදුවේ ලියන්නට සිතුණි.
මින් පළමු ගීතය වන "මේ තරම් දැණුනේ ME THARAM DANUNE" නම් ගීතය ගායනා කරන්නේ Derana Dream Star Season 6 තරඟයෙදී අනු ශූරතාවය දිනාගත් Yashodha Priyadarshani Wijesinghe වන අතර දෙවන ගීතය වන "බිඳී විසිරුණු BINDEE WISIRUNU" නම් ගීතය ගායනා කරන්නේ Derana Dream Star Season 9 තරඟයෙදී අනු ශූරතාවය දිනා ගත් Nuwandhika Senarathne යන යොවුන් ගායන ශිල්පිනියන් දෙදෙනායි. ඔවුන් දෙදෙනාම නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්වි‍යාලයෙන් පහළ වූ තාරුකා දෙකකි. ජන ගී ආරත්, රාගධාරී සංගීතය, උත්තර භාරතීය සංගීතය හා බටහිර සංගීතයත් හදාරා ඇති මේ යෞවණියන්ගේ අපූරු හඬ පරාසය හා හඬ පෞරුෂය එකී තරඟාවලි දෙකෙහිදී අපි අත් වින්දෙමු.
මේ නව නිර්මාණ යුග්මය, අනූපම වූ කාව්‍යමය ගුණයෙන් හා සරල සුගායනීය ගී පද වලින් සුපුෂ්පිතය. එහි පබැඳුම් කර ඇත්තේ සුභාවිත ගී රැසක නිමැවුම් ශිල්පියකු වන නව පරපුරේ ගේය පද රචක Sugath Somaweera යන් හා ගේය පද රචිකා Lakmali Karunanayake ය. හිමි වූවද අහිමි වූවද සැබෑ ආදරය ජීවිතයේ පතුලට කිඳා බසී. එකී ආදරයට විලාසිතාමය අර්ථකථනයක් වෙනුවට සහෘදයාත්මක වින්දනීය අර්ථකථන දෙන ගේය පද රචනා මෙන්ම ස්වර රචනයත් හැඟීම් ගායනාත් රසිකයා මන්මත් කරණු ඇති.
ගමටත් උසස් අධ්‍යාපනය හා ඉංග්‍රීසි අධ්‍යාපනය නම් C. W. W. Kannangara මැතිතුමාගේ සංකල්පය යටතේ 40 දශකයේදී දිවයින පුරාවට මාධ්‍ය මහා විද්‍යාල 52 ක් ප්‍රතිස්ථාපනය කරන ලදි. මතුගම මධ්‍ය මහා විද්‍යාලය එහි ප්‍රථම නිර්මාණය විය. දෙවැන්න 1941 පෙබරවාරි 3 වන දින පිහිටුවන ලද මා උගත් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයයි. ඉන් වසර තුනකට පසුව නාරම්මල මයුරපාද මාධ්‍ය මහා විද්‍යාලය ආරම්භ විය. අතීතය පුරාවටත්, අප පාසැල් සමයේදීත්, අදත් මේ විද්‍යාල දෙක සහෝදරත්වයෙන් බැඳුණු මිත්‍ර පාසැල් විය. එදා ක්‍රීඩා තරඟ වලින් අප ඉදිරියෙන් සිටියද සාහිත්‍ය තරඟ වලින් ජය ලැබුවේ මයුරපාදයයි. අද ද එය එසේම ය. ඊට හොඳම නිදර්ශන Yashoda Priyadharshani හා Nuwandhika Senaratne නම් යෞවණියන්ගේ අපූරු ගායන හා ප්‍රාසාංගික හැකියාවන් ය. මේ වටිනා ගීත යුග්මය නිර්මාණ කළ කලාකරුවන්ට අපේ ප්‍රණාමය හිමි විය යුතු වේ.

පහත Link වලින් දයාබර ඔබට මේ ගී රසවිඳිය හැක.

සැමට ජය!

Don Susil Premaratne, Ottawa ON, Canada.





Friday, 23 October 2020

Autumn Colors

Don Susil Photography - Autumn Colors - Canada

Printed on the Lustre Photo Paper [Arctic Polar Satin]
Enjoy!



Friday, 16 October 2020

ළා සඳ මඬල - ගීත විචාරය

 ළා සඳ මඬල ගීතය මට දැනෙන හැටි.......

මනෝරි කෞෂි දිසානායක පද රචනය කොට ඇති මේ මිහිරි ගීතය සවනත මිහිරියාවෙන් පිරී ගිය දා සිට දැනෙන හැඟෙන දේ ලිවීමට සිතූවද දහසක් රාජකාරි මැද එය අතපසු වුණි. රසික හදවත් තුළ සංවේදී ප්‍රේමනීය වින්දනයක් ජනිත කරවන්නා වූ මේ නිර්මාණය මනෝරි කෞෂි දිසානායක නම් ප්‍රතිභාසම්පන්න කිවිඳියගේ ගේය පද වලින් වර්ණිතය. සුපුෂ්පිතය. ද ඇසෙන බොහෝ අරුත් සුන් බොහෝ ගීත අතරේ මෙවැනි අගනා නිර්මාණයක් රසවිඳීමෙන් ලැබෙන්නේ තෘප්තියටත් වඩා මානසික සුවයකි.
පවතින සමාජ, ආර්ථික හා පාරිභෝගික සංස්කෘතියෙහි ගිලී පිඩාවිඳින අහිංසක ප්‍රේමවන්තයින්ගේ, අඹු සැමියන්ගේ කෙටි කාලීනව, දීර්ඝකාලීනව හෝ සදාකාලිකව දුරස්වීම් හේතුවෙන් වියෝ දුක උසුලනා ස්ත්‍රීන් අද සමාජයේ බහුල වේ. එවන් අහිංසකාවියකගේ වැලපුම ප්‍රේමයේ මෙන්ම විරහවේ ද චමත්කාරය රමණීය බව හා ප්‍රේමාලාපයෝ රචිකාව සම කරන්නේ යසොධාරාවගේ වැලපුමටයි. සඳැස් කාව්‍යය නිර්මාණකරණයේ හසළ නිපුණතාවයක් ඇති ඈ මෙහිදී උපයෝගී කොට ගන්නේ යසෝධරා වතේ කාව්‍ය ආකෘතියයි. රිද්මයයි. එහි එන ශෝකී රසයයි.

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි ස්‌වාමිනේ
සුවඳ බොජුන් වැළඳු මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රස කර දුන් වළඳන්ට
සුවඳ පලාපල වැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට

යසෝධරාවතේ කාව්‍ය ආකෘතිය හා රිද්මය උපයෝගී කොට ගත්ත ද ඇගේ පද රචනය ඈටම අනන්‍ය වූ පරාසයක රඳවාගෙන කර ඇති ගී පද රචනය අනර්ඝයි. ඇගේ රචනයේ ආරම්භක පද පෙළ රසිකයා ප්‍රේම රසයෙන් මන්මත් කර මේ ගීතය වෙත අද බැඳ තබා ගන්නා අතර ගීතය පුරාවට ප්‍රේම වියෝවේ ශෝකී රස භාවයන් දනවා රසිකයා සසල කර අවසාන පද පෙළින් වඩාත් සසල කරණු ඇති.
දර්ශන වික්‍රමතුංග නම් වූ අග්‍රගන්‍ය සංගීතඥයාගේ සංගීත ප්‍රතිරචනය ප්‍රසංශනීයයි. පද රචනයේ ප්‍රකාශණය නැවතූ තැන් සිට ඉදිරියට ශෝකී ප්‍රේමනීය රස භාවයන් ඉස්මතු කරගැනීමට මං සලසනවා. සුරම්‍ය නාද රටා මේ ගීතය පුරාවට සුවඳ දනවනවා. නින්නාද දෙනවා.
ගායනවේදය කලාවක් මෙන්ම විද්‍යාවක්ද වෙයි. ගායනයෙන් තොර ගීතයක් නැත. පද රචකයාගේත් සංගීතඥයාගේත් අභිප්‍රායයන් මත කෙරෙන ගායනය එහි අතිශය දියුණු තියුණු ඉසව් කරා ගමන් කරවන ශානිකා සුමනසේකර නම් ඇගේ මධුර කටහඬ හා භාවපූර්ණ ගායන ලීලය නිසාම ශ්‍රාවකයා ඇගේ පෙර ගීත කෙරෙහි ආසක්ත වූවා සේම මේ නිර්මාණය ද යළි යළි ආස්වාදයෙන් රස විඳිනු ඇත. ඇගේ බොහෝ නිර්මානවල මෙන්ම මේ ගායනයද ප්‍රභලව රසභාව දනවයි.
සුබාවිත ගීත කලාවට අනඟි මෙහෙවරක් කරන කලාකරුවන් තිදෙනෙක් එක්ව නිර්මාණය කර ඇති මේ සුන්දර ගීතයේ මිහිර අදත් හෙටත් හැමදාමත් ශ්‍රාවකයා අත් විඳිනු ඇත.

Don Susil Premaratne
Ottawa ON, Canada




Sunday, 11 October 2020

Sunday, 9 August 2020

හත්දින්න තරු - Pleiades -

කිසිදාක හිතුවෙ නෑ
වියැළි ගිය හද කෙතට
හත්දින්න තරු මඬල
පායාවි යැයි කියා
අහඹුවක මඟ දුටුව
නෑඹුලේ ළඟ පිපුණු
පුංචි නිල් තරු මලකි
ජීවිතේ සුවඳ එය

- Don Susil Premaratne
Ottawa ON, Canada



Wednesday, 30 October 2019

Autumn Colours - Canada

The View Through The Windshield

- Chelsea, Quebec, Canada
- Susil Don Photography




Sunday, 16 June 2019

පොසොන් උදාන

2019 ජුනි මස 16 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පත - පුන්කලස - පොසොන් කවි මඬලෙහි මගේ "පොසොන් උදාන" නම් කාව්‍ය නිර්මාණය රස විඳින්න. ස්තූතියි, සිළුමිණ පුවත්පතට හා පුන්කලස ප්‍රධාන සංස්කාරකවරියට .....

















































Thursday, 30 May 2019

Spring Flowers

Calm Cool night

Spring flowers bloom
in the lonely valley

Wind in the calm cool night blows
A tiny star blooms and grows
slender frisky clouds
apparels her with mellow gleam veil
Rain of golden moon rays streaming
Kisses her cheeks and whispering
few lovely words
in the calm cool night

- Lyrics & Photography by Don Susil Premaratne




Saturday, 8 July 2017

Canada celebrated the 150th anniversary of Confederation on July 1, 2017
The Ottawa Hub of the World Economic Forum was hosted a "Humans of New York" style outdoor photo exhibit called "MyCanada150" to illustrate Canada’s commitment to pluralism. The photo exhibit launched on Canadian Multiculturalism Day, June 27, few days prior to the Canada Day celebrations, along Sparks Street in the heart of the nation's capital.
Enjoy some scenes captured by my camera and the photos of people from around the world who have made Canada as their home and their inspiring stories about Canada.
I missed lot of golden opportunities, the Canada Day celebrations, as I had to stay away from home, Ottawa, due to my work schedule.