Friday, 8 October 2021

ඉපල් රුක්

 

පිපී දළු මල් පිපෙන
ඵල දරන වසන්තය
සරත් කල පැමිණේවි
සසර දුක කොළ හලන
සසර බර මඟ තබන
අනන්තර සමනන්තර
කෙලෙස් සිත් රළ නඟන
විහඟුන්ව සැරි සරන
භව අඹර නභෝතල
වසන්තයෙ යළි ඉපිද
දළු දමා මල් පිපී
බොහෝ රුක් සිනාසෙති
එහෙත් අතරින් පතර
රුක් ඇතිය ඉපල් වී
යළිත් ඉපදීම නැති
- Don Susil Premaratne
Ottawa ON, Canada




No comments:

Post a Comment