වඩවා ලොබ රූ සපුවෙහි - ඇඳුම් ආයිත්තම් වත්සුණු
සලායතන රස මසවුළු - සීල දහම බිඳ විඳි සැප
නොදිටිමි කය කයම ලෙසට - නොදිටිමි තෘෂ්ණා දොම්නස්
වේදනාවෙ වේදනාව - නොදිටිමි කය දිරනා තුරු
කෙලෙස් තවන නුවණ හිඟව
ඉදිරි ගමන පසු ගමනද - ඉදිරි දැක්ම අවට බැල්ම
අරමුණු ලුහුබැන්දා මිස - නුවණින් නොදුටුවෙමි සත්ය
දහම දහම ලෙස නොදිටිමි - ගිලන්ව කය දිරනා තුරු
දරදඬු අත්පා දනවන - වේදනාව තුරන් කරන
කෙලෙස් තවන විරිය නැතිය
වේදනාව අඳුර නසන - කරුණා ගඟ දෝරෙ ගලන
බෝසත් සත්කාරක අත් - ඉඳහිට හෝ නැතිය ළඟක
මුහුණ උඩින් එබී බලන - අතීතයේ වියැළි මතක
වේදනාව රළ නංවා - මියෙනා බව පසක් කරන
දෙලොව අඳුරු බව දනවන
- Don Susil Premaratne
Ottawa ON, Canada

No comments:
Post a Comment