වැලි කෙළියෙ පටන් අපෙ
කෙළි මඬල කෙළි ලොල්ය
සිත ඉගිළෙ අතීතෙට
ඇහැළ මල් රොන් විසුළ
කැකුළු කෝමල සිනා
කෙළි කවටකම් දිගේ
පංසලේ පෝදාට
නැඟුණු හේවිසියෙ හඬ
පහන් වැට එළි විසුළ
රිදී දිය කඩිති පැන
දැදුරු ඔය සුදු වැල්ල
රිදී දිය ගං දියේ
පුංචි ගම්පියස වෙත
සිත ඉගිළෙ අතීතෙට
වලාකුළකට නැඟී
No comments:
Post a Comment