හුදෙකලා නිම්නයක
පාට තුරුහිස් දිලෙන
තුංග තුඟු කඳු මතින්
ඉගිළ යයි අනන්තෙට
හන්තාන අඩවියට
රොබරෝසියා පිපුණු
ඒ සිනා මල් මතක
පැහැදුල්ය නුවන් සර
මන්ද ස්මිත රශ්මි
නිර්වර්ණ ස්වප්නෙක
අනුරාගි ආදරය
ගෙතුණු කවියකි මිහිරි
ශෝක රස ධ්වනිතව
සුගන්ධිත මෘදු මලකි
පරවෙන්නටම පිපුණු
ඒ සුසුම් මල් පතිත
රිදී දිය මහවැලිය
තාම ගලනවා ඇති
- Poetry & Photograph
by Don Susil Premaratne
Ottawa ON, Canada
No comments:
Post a Comment