Saturday, 30 October 2021

Thursday, 28 October 2021

නොතිර සයුර


වඩවා ලොබ රූ සපුවෙහි - ඇඳුම් ආයිත්තම් වත්සුණු
සලායතන රස මසවුළු - සීල දහම බිඳ විඳි සැප
නොදිටිමි කය කයම ලෙසට - නොදිටිමි තෘෂ්ණා දොම්නස්
වේදනාවෙ වේදනාව - නොදිටිමි කය දිරනා තුරු
කෙලෙස් තවන නුවණ හිඟව
ඉදිරි ගමන පසු ගමනද - ඉදිරි දැක්ම අවට බැල්ම
අරමුණු ලුහුබැන්දා මිස - නුවණින් නොදුටුවෙමි සත්ය
දහම දහම ලෙස නොදිටිමි - ගිලන්ව කය දිරනා තුරු
දරදඬු අත්පා දනවන - වේදනාව තුරන් කරන
කෙලෙස් තවන විරිය නැතිය
වේදනාව අඳුර නසන - කරුණා ගඟ දෝරෙ ගලන
බෝසත් සත්කාරක අත් - ඉඳහිට හෝ නැතිය ළඟක
මුහුණ උඩින් එබී බලන - අතීතයේ වියැළි මතක
වේදනාව රළ නංවා - මියෙනා බව පසක් කරන
දෙලොව අඳුරු බව දනවන

- Don Susil Premaratne
Ottawa ON, Canada









Saturday, 23 October 2021

The rising sun & autumn leaves

 

The rising sun in the early morning silhouettes autumn leaves and it helps to cast reflections in the flowing water waves of the Ottawa River. Photographs were captured from the Quebec side to frame Ontario's beauty. Streamlines of boat riders' paths enhance the beauty.

Enjoy Life!
Don Susil Premaratne



Wednesday, 20 October 2021

නිර්වර්ණ ස්වප්න

 

හුදෙකලා නිම්නයක
පාට තුරුහිස් දිලෙන
තුංග තුඟු කඳු මතින්
ඉගිළ යයි අනන්තෙට
හන්තාන අඩවියට

රොබරෝසියා පිපුණු
ඒ සිනා මල් මතක
පැහැදුල්ය නුවන් සර
මන්ද ස්මිත රශ්මි
නිර්වර්ණ ස්වප්නෙක

අනුරාගි ආදරය
ගෙතුණු කවියකි මිහිරි
ශෝක රස ධ්වනිතව

සුගන්ධිත මෘදු මලකි
පරවෙන්නටම පිපුණු
ඒ සුසුම් මල් පතිත
රිදී දිය මහවැලිය
තාම ගලනවා ඇති


- Poetry & Photograph
  by Don Susil Premaratne
  Ottawa ON, Canada 



Saturday, 16 October 2021

Autumn Themes

The evening sun rays through the rainy clouds create vibrant autumn themes on the farmlands in Luskville, Quebec.

Captured on 15/10/2021 evening from the Champlain height.
Enjoy!




Wednesday, 13 October 2021

- මතක වලාකුළු -

 

වැලි කෙළියෙ පටන් අපෙ
කෙළි මඬල කෙළි ලොල්ය
සිත ඉගිළෙ අතීතෙට
ඇහැළ මල් රොන් විසුළ
කැකුළු කෝමල සිනා
කෙළි කවටකම් දිගේ
පංසලේ පෝදාට
නැඟුණු හේවිසියෙ හඬ
පහන් වැට එළි විසුළ
රිදී දිය කඩිති පැන
දැදුරු ඔය සුදු වැල්ල
රිදී දිය ගං දියේ
පුංචි ගම්පියස වෙත
සිත ඉගිළෙ අතීතෙට
වලාකුළකට නැඟී
- Photograph & Poetry by Don Susil Premaratne
Ottawa ON, Canada.



Tuesday, 12 October 2021

Autumn Sunshine

 

The world is new

the first autumn sun smiles 

the First days of the autumn

in another year

beautiful morning, the springtime of the day

morning sunshine opens my eyes, feelings

sometimes it triggers, nothing

 

How many autumns passed

without them?

 

The picture of Autumn

to wash away, summer sorrows

scented fumes, dull reflections

 

 - Don Susil Premaratne

   Ottawa, Canada 

   Photograph: Captured on 11/10/2021





Sunday, 10 October 2021

The changing picture through the window

 

The changing picture through the window. First picture captured on 06.10.2021. The second one on 09.10.2021 (Yesterday)
දිනෙන් දින වෙනස්වන ජනේලයෙන් එහා සිතුවම. දෙවන සිතුවම ඊයේ උදේ. පළමුවැන්න ඊට දින තුනකට කළින්.






Friday, 8 October 2021

ඉපල් රුක්

 

පිපී දළු මල් පිපෙන
ඵල දරන වසන්තය
සරත් කල පැමිණේවි
සසර දුක කොළ හලන
සසර බර මඟ තබන
අනන්තර සමනන්තර
කෙලෙස් සිත් රළ නඟන
විහඟුන්ව සැරි සරන
භව අඹර නභෝතල
වසන්තයෙ යළි ඉපිද
දළු දමා මල් පිපී
බොහෝ රුක් සිනාසෙති
එහෙත් අතරින් පතර
රුක් ඇතිය ඉපල් වී
යළිත් ඉපදීම නැති
- Don Susil Premaratne
Ottawa ON, Canada




Tuesday, 5 October 2021

The picture of love

 

I wrote a letter
I wrote in blue ink
the color of oceans
in the early morning.
Years passed.

I painted a daydream
a river with sailing boats
the picture of dusk
with the dimming light of solitude

You appeared in a midnight dream
to lit the candle
a whisper, an acquainted smile
the inner world filled
with love, unaccustomed love
the novel love
the picture of twilight




- Don Susil Premaratne
Ottawa ON, Canada

Wednesday, 22 September 2021

Autumnal Equinox - සරත් විෂුවය



In this year for Canada, (the Northern Hemisphere) the autumnal equinox falls today, September 22, as the Sun crosses the celestial equator going south. According to the astronomical definition of the seasons, the autumnal equinox also marks the beginning of Autumn, which lasts until the Winter Solstice (December 21 in the Northern Hemisphere).

Autumn is the season of the year between summer and winter during which temperatures gradually decrease. It is often called "Fall Season" in Canada and the United States because leaves fall from the trees at that time. Autumn is usually defined in the Northern Hemisphere as the period between the autumnal equinox (day and night equal in length), September 22, and the winter solstice (year’s shortest day), December 21. The autumn temperature transition between summer heat and winter cold occurs in Canada as it closer to the North Pole.

These photographs captured on last Sunday when the rising Sun dramatically silhouettes the sky and the river's freezing water vapours.  

Enjoy Life! 

අද සැප්තැම්බර් 22 දින සිට කැනඩාව වගේම ලෝකයේ උතුරු අර්ධද්වීපයේ රටවල්වලට සරත් සමය (Autumn) ඇරඹෙනව. Autumnal Equinox (සරත් විෂුවය) කියන්නේ උතුරේ සිට දකුණු දෙසට ගමන් කරන හිරු හරියටම සමකයට උඩින් පිහිටන දිනයට. එදින දිවා කාලයේ හෝරා ගණනත් රාත්‍රී කාලයේ හෝරා ගණනත් සමානයි. අද සැප්තැම්බර් 22 දින සිට දෙසැම්බර් 21 දක්වා කාලය අපිට සරත් සමය (Autumn Season). අද දිවා කාලය හා රාත්‍රී කාලය සමාන වුණත් දවසින් දවස දිවා කාලය කෙටි වෙනවා. කැනඩාව හා ඇමරිකාව සරත් සමය (Autumn Season) හඳුන්වන්නේ  "Fall Season" කියලා. ඒ ගස්වල කොළ වැටෙන කාලය හින්දා.

අපි පසු කළේ ගිම්හාන කාලය. (Summer Season).  ගිම්හාන කාලයේ දිවා කාලය දිගුයි. උදාහරණයකට ජූනි මාසයේ දිවා කාලය පැය පහළොවක්. අපි වෙසෙන ඔටාවා නුවරට. කැනඩාවේ Inuvik වගේ සමහර නගරවලට ගිම්හාන කාලයේ රාත්‍රියක් ඇත්තෙම නෑ. ඉර අහස වටේ කැරකෙමින් තියෙනවා බැස යන්නේ නෑ. හැබැයි ශිත කාලයට ඕකේ අනික් පැත්ත. මාස දෙකක් ඉර පායන්නෙම නෑ. දවල්ට යාන්තම් එලිය වැටෙනවා විතරයි. ඉර දකිනට නෑ. අපි ඉන්න ඔටාවා නුවරට එහෙම ප්‍රශ්නයක් නෑ. ශිත කාලයටත් දීප්තිමත්ව ඉර පායනවා. හැබැයි රාත්‍රී කාලය පැය පහළොවක් විතර දිගයි.

මේ ඡායා රූපය ගත්තේ පසුගිය ඉරිදා. රාත්‍රී සීතලට ඝනීභවනය වන ගඟේ වාෂ්පීකරණය වන ජල වාෂ්ප පායන හිරුගේ රශ්මියෙන් කරන විචිත්‍ර චිත්‍රණය බලන්න.

ජීවිතය විඳින්න, ජය!

Don Susil Premaratne

Ottawa, Canada

Sunday, 12 September 2021

Midsummer Twilight

 

Midsummer twilight
distant clouds
turn into a mellow apricot
shimmering rows and rows
of elms and firs
in the calm cool eventide
Birds in the nests
sing the last song of the day
before falling into sleep
A painted shadow
fading reflections
a lonely Canoe
sailing to an unknown destiny
disappears
in the dull darkness
- By Don Susil Premaratne



Sunday, 5 September 2021

- අළු ගෝමරී -


එදා ජන සමාජයේ ගැමියෝ අද මෙන් උගත්තු නොවූහ. එහෙත් ඔවුහු බොහෝ ඇසූ පිරූ ඇත්තෝ වූහ. අනේකවිධ දුෂ්කරතා හා දුක් ගැහැට හමුවේ වුව කම්පා නොවූ ගැමියෝ එම සංවේදනාවෝ තනිවම විඳ දරාගත්හ. "අළු ගෝමරී" නම් මේ නිර්මාණය ඈත වන්නියේ සිය ජීවිකාව උදෙසා කර්කශ මහ පොළොව හා ගැටෙන අහිංසක ගොවියෙකුගේ දිවි පෙවෙතේ එක් දිනෙක එක් සිදුවීමකි.

"අළු ගෝමරී" නම් නිර්මාණය මා ලියූවේ මීට වසර ගණනාවකට පෙරදීය. එය 2016 වසරේ අගෝස්තු මස 30 වැනි දින "මව් බිම" පුවත්පතේද, එම වසරේම සැප්තැම්බර් මස 18 වෙනි දින "ඉරුදින" පුවත්පතේද පළවිය. ඉන්පසුව කැනඩාවේ ඔටාවා නුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ සංසදය විසින් පළ කරණු ලබන "හන්තාන පවුර" සඟරාවේ 2019 ජූලි කලාපයේ එය පළවිය. ඊට සුදුසු පසුබිම් සිතුවමක් ඇඳ දුන්නේ අප පේරාදෙණිය සරසවියේම පශු වෛද්‍ය පිඨයේ ශිල්ප කළ නිරෝෂන් තන්ත්‍රිගේ සොයුරා විසිණි. ඔහු අද කැනඩාවේ විද්‍යාඥයෙකි. පර්යේෂකයෙකි. නිර්මාණය රසවිඳ කරුණාකර ඔබේ අදහස් දක්වන්න.

-දොන් සුසිල් ප්‍රේමරත්න



Sunday, 29 August 2021

ගුරු තරුව

 

තරු දිලිසුණේ සඳ නැති බොල් අහස යට
අපි හිනැහුණේ ඔබගේ හිරු මඬල යට
ඔබ නැති ලොවේ වැටුණා තරු කඳුළු කැට
නුඹ පහනක්ය හැමදා කැණිමඬල යට
ඉපැදුණි තඹර මානිල් මඩ ගොහොරු යට
මල් පිබිදුණේ ඔබගේ විදු කිරණ යට
ඔබ ලස්සනයි පොඩි මල් මල් සාරියට
පායන් ගුරු තරුව හෙටවත් පාසැලට
- Don Susil Premaratne, Ottawa - Canada.




Wednesday, 14 July 2021

ගිම්හානයේ තවත් දවසක්


ගිම්හානේ කවුළු පියන් ඇරන්
ඉඩවර මැද දිනිඳු ඔටුණු දරන්
වියළි සුළඟ බොළඳ හුරුව අරන්
දේවදාර වෙලී නටයි පෙමින්
සැන්දෑ හිරු එබී බලයි හොරෙන්
නුබ ගත රැඳි වළා සළුව ඉරන්
විහඟ ගීත ඇසෙයි දිනක් අගින්
නොහොඳ නෝක්කාඩු ගීත සරින්
පාට බොඳව අඳුර සෙමර සළයි
ගෙවී දිනක් ලෝකය නිසසලයි

- Poetry & Photography: By Don Susil Premaratne



Wednesday, 30 June 2021

A song of life

 

Grey Dream

 

A mourning dove sings

the true song of life

with the deep midnight rain

 

Sad wistful mystic tune

recalls your smile

the last smile

with shimmering tears

 

 - Don Susil Premaratne

   Ottawa, Canada.



Thursday, 24 June 2021

Memory Lane

Summer

On a fine day
she blissfully kissed me
her lips voluntarily touched mine
and her face faintly flushed with pink
dumb found and quietness distilled
behind the black board
chalks of success; recklessly broke it
I forgot to follow her

- Don Susil Premaratne



Sunday, 20 June 2021

2021 Summer Solstice

 Summer in Canada

-Don Susil Photography

In 2021, the Summer solstice occured on Sunday, June 20, marking the start of summer in the Northern Hemisphere. The Solstice is an astronomical event that happens twice, once in summer and once in winter, each year when the Sun reaches its highest position in the sky as seen from the North or South Pole. During Solstices the tilt of the axis of the Earth (with respect to the Sun) is the maximum at 23° 26'.

The summer solstice occurs during summer. This is the June solstice in the Northern Hemisphere and the December solstice in the Southern Hemisphere

The Summer Solstice occurred on 2oth June this year in Canada. It was the longest day of the year (15 hrs & 40 Mins Day Time).



Wednesday, 16 June 2021

impermanence

 - අවසන් නැවතුම -

මල් පිපුණු දිගන්තේ විහඟ රෑනකි එදා
පියෑඹූ දසන්තේ අහස්කුස සිසාරා
සුන්දරම වසන්තේ අපේ ඒ කතාවේ
දිගු ගමනෙ ජීවිතේ ගිම්හානෙ අවසන්ය
නැණ නුවණ ගුණ සුවඳ පිරුණු හදවත් සපිරි
මිතුරනේ ඔබ කොහිද?
බව දුකට දිවි බරට උර දුන්නු සෙනෙහසක
යදම් සිඳ බිඳ වැටී ඔබද අද නික්ම යන
මුහුකුරා උඩු දුවන හිස් බවේ හිස්කමට
හිස් බවම ඉතිරි කොට ඔබද අද දුරක යන
ඔබත් නැති මේ ලොවෙහි හිස් බවකි දැනෙන්නේ
හිස් බවකි දැනෙන්නේ
- Don Susil Premaratne
- Ottawa, Canada


Sunday, 6 June 2021

- සයන්ස්කාරයන්ගේ හා ඉංජිනේරුවන්ගේ ප්‍රේමය -

 - විද්‍යා -

2016 වසරේදී දිවයින පුවත්පතට කළ මේ නිර්මාණය, 2016 දෙසැම්බර් 22 වෙනිදා එහි පළ වුණා. ඊට පසුව Alumni Association of the University of Peradeniya -Ottawa Chapter මගින් පළ කරන "හන්තාන පවුර" සඟරාවේ 2020 ජූලි කලාපයේද පළ වුණා. කියවා රස විඳින්න. ඔබේ අදහස් හැකිනම් ලියන්න.










Wednesday, 2 June 2021

හන්තාන ප්‍රේමය

 සරසවියේ සිංහයාට

සරසවියේ සිංහයාට නිර්මාණය කරද්දී කැම්පස් භාෂාවේ වචන සාමාන්‍ය රසිකයාටද වැටහෙනසේ යොදා ගත්තෙමි. රස විඳින්න. ඔබේ අදහස් දක්වන්න.



Wednesday, 26 May 2021

Spring Flowers

Eternal Sunshine

Susil Don Photography & Creations

Printed on Linen Fabric Paper

Tuesday, 18 May 2021

Spring Shadows

Spring Shadows & Weeping Willows
I saw you;
when I passed the dream valley
nipping me in a dream
framed in the riparian
distilled rivulet.
The dream was tuneful, as a song
lovely rhythmic pattern
iambic pentameter
It had three quatrains
followed by a couplet.
Beautiful as blooming blossoms.
I forgot to exhale, for a while
weeping willows; started to cry
and peeped into the mirrored brook
tears start to fall
Our journey; centuries long journey
nipping me in a dream
framed in the riparian
the hanging picture
divided by a elm trunk
in the calm cool meadow
-by Don Susil Premaratne

Ottawa, ON, Canada 



Friday, 7 May 2021

යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුව

වෙසක් සුළඟ

කැනඩාවේ මුද්‍රණය වන යාත්‍රා පුවත්පතේ "ඉවුර" කවි පිටුවට 2019 වෙසක් උත්සවය වෙනුවන් කළ නිර්මාණයකි.

එහි සංස්කාරක Priyantha Kulasekera සොයුරාට හා කාර්ය මණ්ඩලයට ස්තූතියි. රසික සිත් මෙත් සිසිලෙන් සුපසන් වේවා!